ඉන්ධන මිල වැඩි වීමෙන් ඇතිවෙන ලාභ අලාභ ගැන ඇමති කියයි

ඉන්ධන මිල වැඩි වීමෙන් ඇතිවෙන ලාභ අලාභ ගැන ඇමති කියයි

යළි ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉන්ධන මිල ගණන්වල ලාභ අලාභ පිළිබඳ ලැයිස්තුවක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (26) ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නව මිල වැඩිවීමත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 යි ශත 57 ක් සහ පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 68 යි ශත 61 ක ලාභයක් සංස්ථාව ලබන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් අටයි ශත 52 ක අලාභයක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් විස්සයි ශත 27 ක ලාභයක් ලබන බව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්.

මේ අතර භූමිතෙල් ලීටරයකින් රුපියල් 334යි ශත 39ක පාඩුවක් තවදුරටත් ලබන බව එහි දැක්වෙනවා.