ගබ්සා තහනමට එරෙහිව ජනතා විරෝධයක්

ගබ්සා තහනමට එරෙහිව ජනතා විරෝධයක්

ඊයේ (25) ඇමෙරිකාව තුළ ගබ්සා කිරීම තහනම් කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 49ක් තිස්සේ ව්‍යවස්ථානුකූල අයිතියක් බවට පත්වු ගබ්සාව වෙනස් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) මෙම තීන්දුව ලබාදී තිබේ.

මෙම තීන්දුවට එරෙහිව වොෂින්ටන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට දහස් ගණන් ජනතාව රැස්ව විරෝධතාවල නිරතවෙමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ඊට අමතරව ඇමෙරිකාව පුරාම මෙම විරෝධතා දියත් කිරීමට සැලසුම් කර ඇත.

https://cnn.it/39QKcO0

COMMENTS