ඉන්ධන අර්බුදය උග්‍රවෙයි – නැව එන දිනයක්වත් තවම නෑ

ඉන්ධන අර්බුදය උග්‍රවෙයි – නැව එන දිනයක්වත් තවම නෑ

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක් පවා පැවැසීමට නොහැකි තත්ත්වයකට විෂයභාර අමාත්‍යවරයාත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් පත්ව තිබේ.

මීළඟ නැව්ගත කිරීම් වරායේ සිට ගොඩබෑම දක්වා වූ කාලය තුළදී සීමිත ඉන්ධන ප්‍රමාණය පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වයෙන් ලබා දෙනුලැබේ.

සීමිත ඩීසල් සහ පෙට්‍රල්තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින අතර ඉන්ධන සඳහා පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අවස්ථාවේදී ඉන්ධන රැගත් නෞකා පැමිණීමේ දිනයන් තහවුරු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි වී ඇත. මීළඟ බොරතෙල් නැව්ගත කිරීම තෙක් පිරිපහදුවේ මෙහෙයුම් තාවකාලිකව වසා දමා තිබෙනවා.

COMMENTS