බස් ගාස්තුවත් ඉහළට ? අවම ගාස්තුව 40ක් වන ලකුණු

බස් ගාස්තුවත් ඉහළට ? අවම ගාස්තුව 40ක් වන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

මෙම මිල වැඩිවීම හෙට (27) සිටම සිදු කළ යුතු බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

එහිදී නව ගාස්තුව ලෙස පවතින අවම මිල ගණන් 35% ත් 40% අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු බව අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කරනවා.

දැනට පවතින අවම බස් ගාස්තු මිල නව සංශෝධනයත් සමඟ රුපියල් 40ක් දක්වා ඉහළ යනු ඇති.

හෙට දහවල් 12 වන විට බස් ගාස්තුව සංශෝධනය නොවන්නේ නම්, අනිවාර්යයෙන් ම ඉදිරියේ දී බස් ධාවනයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද ප්‍රධාන ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.