ෂෙඩ් වල තෙලුත් නෑ – ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.
- ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි.
- ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 550කි.
- ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460කි.
- සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිපෙට්කෝ මිල ගණන්වලට සමානව සිය මිල ගණන් ඉහළ දමා තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ ඉන්ධන මිල සහ නව මිල පහතින් දැක්වේ.
- පෙට්රල් 92 – රු.50 කින් – නව මිල රු.470
- පෙට්රල් 95 – රු.100 කින් – නව මිල රු.550
- ඔටෝ ඩීසල් – රු.60 කින් – නව මිල රු.460
- සුපර් ඩීසල් – රු.75 කින් – නව මිල රු.520

