අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සැපයෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සැපයෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ඉන්ධන සැපයෙනු ඇති.

ඛනිජ තෙල් නීතිගත සංථාවේ සීමිත ඉන්ධන තොග හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සිදු වන පීඩාවන් පිළිබඳ බන්දුල ගුණවර්ධන සිය කනගාටුව ද පළ කරනවා.

මෙම තාවකාලික තත්ත්වය අවබෝධ කරගෙන ඊට සහාය වන ලෙසයි බන්දුල ගුණවර්ධන පවසන්නේ.

කෙසේ වෙතත් ගෑස් සහ ඉන්ධන අඛණ්ඩ ව සැපයීමේ යාන්ත්‍රණයක් ජූලි 10න් පසු ක්‍රියාත්මක වන බවත් කැබිනට් මණ්ඩලය අවධාරණය කරනවා.

මේ අතර, දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහන් යටතේ ක්‍රියාත්මක වන බවත් ඉහත සීමාවන්ගෙන් බලපෑමක් ඇති නො වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

COMMENTS