ග්‍රහලෝක පහක් එකම රේඛාවක එකවර දැකගන්න අවස්ථාවක්

සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක දැකගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.
ඒ අනුව එකම රේඛාවක පිහිටන බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක එකවර අහසේ නිරීක්ෂණය කළ හැති අතර, චන්ද්‍රයාගේ ආලෝකයේ බලපෑම අවම වන අනිද්දා (29) දින අලුයම 4.40 සිට සිට හිරු උදාව දක්වා මෙම සංසිද්ධිය වඩා පැහැදිළිව දැකගත හැකි බවයි ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ගීතාංජන වනිගසේකර කියා සිටියේ.
නැවත මෙලෙස ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක දැකගත හැකි වන්නේ 2040 වසරේදීයි.

