ජීවිතය පවා අවදානමකට දමමින් දුක් විඳින අපේ රටේ මිනිස්සු

සෙනඟ පිරීම නිසා, බස් රථයක පිටතට නිරාවරණය වූ තැන්වල ද එල්ලී මිනිසුන් ගමන් කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වනවා.
එම බස් රථය කුරුණෑගල – නුවර රාත්‍රී 8 ලංගම බස් රථය බවයි වාර්තා වෙන්නේ.
තවමත් අතිසුඛෝපභෝගී වාහනවලින් සුදු ඇඳගෙන පැමිණෙන පාලකයාට මේවා නොපෙනෙන්නේ මන් දැයි යන ගැටලුව සමාජය හමුවේ දක්නට තිබෙනවා.
ජීවිතය පවා අවදානමකට දමමින් මෙසේ අනාරක්ෂිතව ගමන් කරන්නේ, ඔබේ පියා, ස්වාමියා, සහෝදරයා, මිතුරා විය හැකි යි.

