තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කර තිබෙනවා.

මීට පෙර තාක්ෂණ අමාත්‍යංශය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශීර්ෂය යටතට ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත් ව්‍යාපාරික ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දිවුරුම් දීමත් සමඟයි තාක්ෂණ අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස ගැසට් කර ඇත්තේ.

ඒ අනුව ඊට විදුලි සංදේශ නියාමන කොමිසන් සමාගම, ටෙලිකොම් ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් ඇතුළත් වනවා.

තාක්ෂණ අමාත්‍යාංශය දැනට පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ යි.