බැසිල් යළිත් පොහොට්ටුවේ වැඩ පටන්ගනී

බැසිල් යළිත් පොහොට්ටුවේ වැඩ පටන්ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් අද (29) සිට ආරම්භ කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම පෙරමුණ සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කාන්තා හා තරුණ සංවිධාන, වෘත්තීය සමිති, පළාත් පාලන සංසදයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා සහභාගි වීමට නියමිත ය.

රටේ වත්මන් අර්බුද විසඳීමට ගත හැකි පියවර හා පක්ෂය බලගැන්වීම් ඇතුළු රටේ ප්‍රධාන කාරණා රාශියක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් කීය.