IOC ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

IOC ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබේ.

ඒ අනුව, ත්‍රිරෝද රථයකට රු. 2500/-,යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.

මේ හේතුවෙන් ඇතිවන දුෂ්කරතා සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි ලංකා IOC සමාගම සඳහන් කර සිටියේ.