පෞද්ගලික බස් ධාවනය සියයට 10ට අඩුවෙයි

ලබන මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 30කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අද දිනය තුළ යොමුකිරීමට නියමිතයි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන මස 1 වන දා සිදු කිරීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ දී ඊයේ පැවැත්වුණේ, බස් සංගම් නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන්.
එහිදී ඇතැම් බස් සංගම් සියයට 30ක බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අසාධාරණ බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය මත සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍යවරයා සහ බස් සංගම් කිහිපයක නියෝජිතයින් එම ස්ථානයෙන් නැගිට පිටව යනු ලැබුවා.
මේ අතර ලංගම බස් රථවලට අවශ්‍ය ටයර්, බැටරි ඇතුලු අමතර කොටස් හිඟවීම හේතුවෙන් පොදු මගී ප්‍රවාහනය ඇණහිටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ ප්‍රකාශ කළා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද දිනයේ දිවයින පුරා ධාවනය වන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 10ක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

