නිවෙස්වලදී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන් ඉහළට – ගැබිණි මව්වරුන්ට යළිත් දැනුම්දීමක්

නිවෙස්වලදී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන් ඉහළට – ගැබිණි මව්වරුන්ට යළිත් දැනුම්දීමක්

ඉන්ධන අර්බුධයත් සමඟ රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතියට දෙසතියකටවත් පෙර රෝහල් ගත වන්නැයි නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය ගැබිණි මව්වරුන්ට දැනුම් දෙනවා.

ගතවූ දින කිහිපය තුළ දිවයින පුරා නිවෙස්වලදී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන්වල ඉහළ යෑමක් වාර්තාවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

ඒ අනුව පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකෝට්ටේ සහ මෝදර ඇතුලු ප්‍රදේශ කිහිපයකින් එවැනි සිද්ධීන් වාර්තාවී තිබෙනවා.

දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මව්වරුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ගැබිනි මව්වරුන් දැනුවත් කරනවා.

මේ අතර සෞඛ්‍ය සේවාවේ අතුරු වෛද්‍ය සේවයට අයත් ක්ෂේත්‍ර තනතුරු 03 ක් සහ රෝහල් සේවයට අයත් තනතුරු 05 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) දිනයේත් ක්‍රියාත්මක බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ප්‍රකාශ කළා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුමක් නොලැබුනහොත් ලබන සඳුඳා (04) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් බවයි.