විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉන්ධන හරස් වෙයි

විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉන්ධන හරස් වෙයි

ඉන්ධන ගැටලුව හේතුවෙන් හදිසි විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය තම මණ්ඩලයට ද අභියෝගයක් වී ඇති බවයි.

විදුලි බිඳවැටීම් යථා තත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිගය හේතුවෙන් ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීම් යථා තත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවන බවයි දැනුම් දෙන්නේ.

සම්පත් සීමිත වීමේ අභියෝතගය ලංකා විදුලිබල මණ්ඩලය පාලනයයෙන් බැහැර කරුණක් වුව ද පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවන් අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් විදුලිය සැපයීමට කැපවී සිටින බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.