අකාරුණික වූ මුහුද

ඊයේ (02) දිවයිනේ ප්රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩට ගසා ඇති බව වාර්තා වුණා
දැඩි සුළඟත් මුහුදේ කැළඹිලි ස්වභාවයත් හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බව වාර්තා වෙයි.
දෙහිවල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්රදේශවල ස්ථාන කිහිපයකින් එලෙස මුහුදු රළ ගොඩට පැමිණ තිබුණා.
ඒ අනුව ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයට අකුරල, කහව, තෙල්වත්ත යන ප්රදේශවලින් ද මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.






