ජැක්සන් ඇන්තනී රිය අනතුරක

ඊයේ (02) රාත්රියේ සිදුවූ අනතුරකින් ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව තලාව පොලිසිය සඳහන් කරනවා.
අනතුරත් සමඟ කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි.
මොරගොඩ ප්රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් තුවාල ලැබූ තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.


