දිවයිනේ සියලු පාසල් සතියකට වැසෙයි

දිවයිනේ සියලු පාසල් සතියකට වැසෙයි

ලබන සඳුදා සිට සතියක කාලයක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුලි මස 4 වන දිනද ඇතුලත්ව ජුලි මස 8 වන දින දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් වසා තැබෙනු ඇති.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයාගැනීමට නොහැකි වීම ඊට හේතුවයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් සහ පළාත් අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් සමග අද(03) අධ්‍යාපන අමාත්‍යංශයේ පවතී හමුවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.