නාමල්ගේ යෝජනාව හවුල් පක්ෂ අතහරී

ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා මෙම යෝජනාව වාසුදේව නානයක්කාර මන්ත්රීවරයා ඉකුත්දා වෙනම හමුවී දැනුම් දී ඇති අතර, වාසුදේව නානායක්කාර මහතා ඉකුත් අඟහරුවාදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති හවුල් පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවේදී නාමලගේ යෝජනාව පක්ෂ නායකයන් හමුවේ ප්රකාශ කර ඇතැයි වාර්තා වේ.
එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා විසින් එම යෝජනාව දැඩිව ප්රතික්ෂේප කරනු ලැබූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

