ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි – ෆාමසි වැසියෑමේ අවදානමක

ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි –  ෆාමසි වැසියෑමේ අවදානමක

ඖෂධ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන නිකුත් නොකරන්නේනම් ඉදිරි සතිය තුළ දිවයින පුරා පිහිටි ඔසුසැල් වැසියාමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය පවසයි.

“ඖෂධ ටික ෆාමසිවලට ගෙන්ව ගන්නවත් ඉන්ධන අපට ලැබෙන්නේ නෑ. ඖෂධ ශාලාවල ඖෂධ තියෙන්නේ සතියකට ආසන්න කාලයක් පමණයි. තව නොබෝ දිනකින් ඉබේම ෆාමසි වැහෙනවා. කතා දෙකක් නෑ. මොකද ෆාමසිවල බෙහෙත් නෑ ඇත්තම කතාව ඒකයි” යනුවෙන් සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පැවසීය.