නව ඔමික්‍රොන් උපප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවෙයි

ලොව රටවල් 63ක ව්‍යාප්ත වන ඊ ටූ සෙවන් ෆයිව් නමැති ඔමික්‍රොන් උපප්‍රභේදය මේ වන විට ඉන්දියාව තුළ ද ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එරටින් එම ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් කිහිපදෙනෙකු ද හදුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොවන බවයි.
එසේම, හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් සහ අතිරේක එන්නත ලබාගත් පුද්ගලයන්ට මෙම වෛරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිදේහ පවතින බවයි.

