රනිල් දැන් ඉල්ලා අස්වෙන්න අපි ලෑස්තියි භාරගන්න

රට භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දැන් අගමැති ඉල්ලා අස්වෙන්න අපි ලෑස්තියි භාරගන්න, මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

