මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කරනු ලැබ තිබේ.
ඒ අනුව, මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කරනු ලැබ ඇත.
එමෙන් ම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යාම සහ ඉදිරි කාල සීමාව තුළ ඉහළ උද්ධමනය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කර ඇති එම මණ්ඩලය, අහිතකර උද්ධමන අපේක්ෂාවන් ගොඩ නැගීම පාලනය කිරීම සඳහා තවදුරටත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට අවශ්‍ය වනු ඇතැයි යන අදහස් කර ඇත.

