ධම්මිකට ජනපතිගෙන් තවත් ආයතන තුනක්

ධම්මිකට ජනපතිගෙන් තවත් ආයතන තුනක්

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට සමාගම් කිහිපයක් ඇතුළත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව රක්නා ආරක්ෂණ ලංකා සමාගම, සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම යන සාමාගම් අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත.

රක්නා ආරක්ෂණ ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර අනෙක් සමාගම් දෙක නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවතිණි.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.