විරෝධතාකරුවන්ට සහ පොලීසියට ජූලි චංග්ගෙන් උපදෙසක්

විරෝධතාකරුවන්ට සහ පොලීසියට ජූලි චංග්ගෙන් උපදෙසක්

ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව විරෝධතාවෙහි නිරත වන ලෙස මෙරට අමෙරිකානු තානාපති ජූලි චංග් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇය මේ බව ප්‍රකාශ කර සිටින්නේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

සාමකාමී විරෝධතාවෙහි නිරත වීමට විරෝධතාකරුවන්ට අවස්ථාව ලබා දෙන ලෙසත්, ඔවුන්ට ආරක්ෂාව සලසා දීමට හමුදාව සහ පොලීසියට කටයුතු කරන්නැයි ඇය ඉල්ලා සිටිනවා.

එසේ ම, මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන්ට අවශය ආර්ථික නිවැරදිතාව ඇති කිරීම හෝ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට වියවුල්භාවය හෝ බලහත්කාරයට හැකියාවක් නොමැති බව ද ඇය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කරනවා.

අමෙරිකානු තානාපතිවරිය නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්,