ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගැටුමකින් අයෙකු මරුට

ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගැටුමකින් අයෙකු මරුට

ගාල්ල මාගල්ල ඉන්ධන පිරවුම්හලේදී ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (07) රාත්‍රීයේ එම ඉන්ධන පිරවුම්හලේදි පිරිසක් අතර මෙම ගැටුම හටගත් බවයි.

ගැටුමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙකු බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.