කංචනගෙන් හදිසියේම ට්විටර් පණිවිඩයක්

කංචනගෙන් හදිසියේම ට්විටර් පණිවිඩයක්

ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කැඳවන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් මගින් කෝප් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ධන මිල සහ වෙනත් කරුණක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කෝප් කමිටුව සහ මහජනතාව නො මඟ යවා තිබේ නම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යි එහි දැක්වෙන්නේ.