ඇඳිරි නීතියක් පැනවීමට බලයක් නැහැ – කිසිඳු බියක් නැතිව අනිවාර්යෙන්ම අරගලයට එන්න

ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයාට කිසිදු බලයක් නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කරයි.
එම සටහන පහතින්,
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති පොලිස් ඇඳිරිනීතිය වැන්නක් දැමීමට නීත්‍යානුකූලව පොලිස්පතිට කිසිඳු බලයක් නෑ. ඒක නිසා හෙට දින අරගලයට සහභාගීවීමට සිටින සියලුම මහජනතාව කිසිඳු බියක් තියා ගන්නෙ නැතිව අනිවාර්යෙන්ම අරගලයට සහභාගීවන ලෙසත් යම් හෙයකින් ඔබට කරදරයක් සිදුවුවහොත් අපගේ නීතීඥ පාර්ශවය අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් පෙනීසිටින බව මා සියලුදෙනාටම මෙයින් දන්වා සිටිනවා.
-පා.ම. ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා –


