ගෝඨාභය සහ රනිල් ඉවත් විය යුතු බවට පක්ෂ නායකයින් බල කරයි

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස් වන ලෙස පක්ෂ නායකයින් තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.
මේ වන විට කතානායකවරයාගේ නිල නිවසේ පැවැත්වෙන පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමේ සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් Zoom ඔස්සේ ඊට සම්බන්ධ වී සිටින බව ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ධූරයේ වැඩ භාර ගත යුතු යැයි එහිදී පක්ෂ නායකයින් සඳහන් කළ බව හකීම් මහතා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.


