පොලිස් ඇඳිරි නීතිය, සිහිමුර්ජා වූ ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණයි

ඊයේ රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ට පැනවූ පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හරහා ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාමාර්ගය රට පත්ව ඇති තත්වය පිළිබඳව අංශු මාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නැතිව සිහිමුර්ජා වී සිටින ආණ්ඩුව හිටි ගමන් සිදු කළ බියගුළු නින්දා සහගත ක්‍රියාවක් බවයි.
රටේ ජීවත්වන ජනතාවගෙන් වැඩි කොටසක් දින දෙක තුනක් පෝලිම්වල සිටින යුගයක පෝලිම් වල සිටින ජනතාව අතරමං කොට මේ බියගුළු ඇඳිරි නීතිය පනවා තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
විපක්ෂ නායකනායකවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහලින්…


