ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ගෝඨාභය රනිල්ට දන්වයි

ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ගෝඨාභය රනිල්ට දන්වයි

පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ බව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අද (09) දින සිදුවන සිදුවීම් මාලාව අනුව ජනාධිපති ලෙස තම වගකීම්, බලතල සහ යුතුකම් තවදුරටත් ඉටු කළ හැකි ද යන්න සලකා බලන ලෙසත්, ජාතියේ දේශපාලන ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා අගමැති, කථානායක, කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් සමඟ ඉල්ලා අස්වෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටිනවා.

COMMENTS