ජනතා විරෝධය මැද ජනපති හදිසියේම දුන් පොරොන්දුව

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට සැලසුම් කර අවසන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසඳන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ය.
ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජූලි මස 12 වන දා සිට අඛණ්ඩව ලැබීමට නියමිත අතර විවිධ කෘෂිකාර්මික වැඩසටහන් යටතේ රට තුළ ආහාර හිඟයක් ඇති නොවීමට සියලු කටයුතු යොදා ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පැවති ගැටලුසහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායක බව ද ඔහු අවධාරණය කර තිබේ.
ඒ හේතුවෙන්, සැබෑ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.


