ජනතා විරෝධය හමුවේ ජනපති බදාදා ඉල්ලා අස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයාට දැනුම්දී තිබෙනවා.
අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණා. අනතුරුවයි ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත සිය තීරණය දැනුම්දී ඇත්තේ.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන කියාසිටියේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ කැමැත්ත දැනුම්දී ඇති අතර තවදුරටත් රටේ නොසන්සුන්තාවක් ඇති කිරීමට අවශ්‍ය නොවන බැවින් සාමකාමීව පාලනය භාරගත හැකි වන පරිදි රට සන්සුන්ව තැබීමට සියලුදෙනාගේ සහයෝගය රට වෙනුවෙන් සහ ජාතියේ අනාගතය වෙනුවෙන් ලබාදෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා ඇති අතර ඇතැම් පිරිස් ප්රචණ්ඩත්වය මුදා හැරීමට කටයුතු කර ඇතැයි ද කතානායකවරයා පෙන්වා දෙනවා.
එබැවින් තවදුරටත් එම ක්‍රියාවලට මැදිහත් නොවී සාමකාමීව නිවෙස්වලට විසිර යන ලෙසටයි කතානායකවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම කටයුත්ත සාර්ථකව අවසන් කරන තෙක් රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසට සියලු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළා.

