රනිල් ගියාම විකල්ප අගමැතිධූරය සජිත්ට ද ? රාජිත කියන කතාව

රනිල් ගියාම විකල්ප අගමැතිධූරය සජිත්ට ද ? රාජිත කියන කතාව

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වූ විට විපක්ෂ නායකවරයා විපකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

අද (10) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“අද ජනාධිපතිවරයාත් නෑ. අගමැතිවරයාත් නෑ. ඒකට විකල්ප අගමැතිවරයා කියන්නේ විපක්ෂ නායකවරයා. ඕනෑම රටක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව විපක්ෂ නායකවරයා තමා විකල්ප අග්‍රාමාත්‍යවරයා. ලෝකයේ ඕනෑම රාජ්‍ය ත්‍රාන්තික නායකයෙක්, ජාත්‍යන්තර සංවිධානයක් ඕනෑම රටකට ආවහම අග්‍රාමාත්‍යවරයාවත් හම්බවෙලා, විපක්ෂ නායකවරයාවත් හම්බවෙලා තමා යන්නේ. මොකද ඒ අය කවුරුත් දන්නේ නෑ හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ විපක්ෂ නායක ද කියන එක. ඒ නිසා අපේ විපක්ෂ නායකතුමා එක්ක එකතුවෙලා, එයාගේ නායකත්වයෙන් මේ අර්බුදයට සියලුමදෙනා එකතු කරගෙන අපි අපි අතර බලය බෙදාගෙන අපි පුළුවන් තරම් ඉක්මනට මේ රජය බිහිකරලා, මේ මිනිස්සුන්ගේ දුක්ගැනවිල්ල සමනය කිරීම තමා අපේ බලාපොරොත්තුව. මේක අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා. එහෙම නැත්නම් රටේ අරාජික තත්ත්වයක් ඇති වුණොත් මේක ඇෆ්ගනිස්තානයක්, සුඩානයක්, හෝ ටියුනිසියාවක් කරන්නට බෑ අපිට. වගකිව යුතු දේශපාලනඥයෙක් විදියට අපේ මුලික පරමාර්ථය අරාජිකත්වයෙන් ඉවත්කර ගැනීම. දෙවැන්න මේ රටේ ජනතාවගේ දුක්අදෝනාවන් නැතිකර දීම.” යනුවෙන් පැවසීය.

COMMENTS