පරිසරවේදීන් නෙදර්ලන්ත ගුවන් සමාගමකට නඩු පවරයි

සිය ගුවන් යානා මගින් පරිසරයට අහිතකර කාබන් ඇතුළු හරිතාගාර වායු පරිසරයට මුදා හැරීම සීමා කර ඇති බවට නෙදර්ලන්තයේ ජාතික ගුවන් සේවාව වන ‘කේ එල් එම්’ ගුවන් සේවාව විසින් ප්‍රචාරණ වැඩපිළිවෙලක් කරගෙන යනු ලබයි.
එම ප්‍රචාරණ වැඩපිළිවෙළ මහජනතාව නොමග යවන සුළු ප්‍රචාරණයක් බව සඳහන් කරමින් එයට එරෙහිව එම ගුවන් සමාගමට නඩු පැවරීමට නෙදර්ලන්ත පරිසරවේදී කණ්ඩායම් විසින් තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙය පාරිසරික ප්‍රචාරණ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ගුවන් සමාගමකට එරෙහිව නඩු පැවරීමට යන ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙයි.

