ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මීට පෙර දැනුම් දුන් පරිදිම ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයාට මීට පෙර දැනුම් දී තිබිණි.
ජූලි 9 වන දා පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරනු ලැබ තිබුණු අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දෙන ලද බව කතානායකවරයා පැවසීය.

