රාජපක්ෂවරුන් වෙනුවෙන් සුබ්‍රමනියම් කළ ප්‍රකාශයට බිමල්ගෙන් සැර පිළිතුරක්

රාජපක්ෂවරුන් වෙනුවෙන් සුබ්‍රමනියම් කළ ප්‍රකාශයට බිමල්ගෙන් සැර පිළිතුරක්

මෙරට දේශපාලනික ව්‍යාකූලත්වයට වගකිව යුතු රාජපක්ෂ පවුල බේරා ගැනීම සඳහා ඉන්දීය හමුදාව එවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමිට දැඩි අවශ්‍යතාවක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහාය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍ය නම්, හමුදාව පිටත් කර එවීමට යෝජනා සුබ්‍රමනියම් විසින් සිදුකර ඇති බවයි.

එලෙස පැමිණෙන ඉන්දීය හමුදාව ශ්‍රී ලාංකික ජනතාව විසින් සාදරයෙන් පිළිගනු ඇති බවයි ඔහු සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ (10) දිනයේ දී සුබ්‍රමනියම් ස්වාමි විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් වූ අය බැවින්, එවැනි නීත්‍යානුකූල මැතිවරණයකින් පත් වූ ආණ්ඩුවක් මැර පිරිස් විසින් පෙරළා දැමීමට ඉන්දීය රජය ඉඩ ලබාදෙන්නේ කෙසේද යන වගයි.

අපේ අසල්වැසි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත තත්ත්වයක පසු නොවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මීට පිළිතුරු ලෙසයි බිමල් රත්නායක විසින් සුබ්‍රමනියම්ගේ ප්‍රකාශයට සටහනක් තබා ඇත්තේ.

එබැවින් කිසිම දිනෙක මෙම මැර පිරිස ඉන්දියාවේ සරණාගතයන් බවට පත් නොවීමට ඉන්දීය රජය වගබලා ගත යුතු බවයි සුබ්‍රමනියම් ස්වාමි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.