සිරියාවේ ISIS නායකයා ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

සිරියාවේ ISIS නායකයා ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ISIS නායක මහර් අල්-අගාල් මරා දැමූ බව පෙන්ටගනය පවසනවා.

එක්සත් ජනපද ආරක්ෂක අංශ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වයඹ දිග සිරියාවේ තුර්කි දේශසීමාවට ආසන්න නගරයක් වන ජින්ඩාරිස් අසල දී මහර් අල්-අගාල් මියගිය බව සහ තවත් නම් නොකළ ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය රාජ්‍ය නිලධාරියෙකු බරපතල තුවාල ලැබූ බවයි.

මෙම ප්‍රහාරයෙන් සිවිල් ජනතාව ට කිසිදු හානියක් සිදු නොවූ බවට පෙන්ටගනය සහතික වනවා.

ඇමරිකානු හමුදා වෙතින් අල්-අගාල් ප්‍රහාරය පැමිණෙන්නේ අයි.එස් කණ්ඩායමේ හිටපු නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි සැඟවුණු ස්ථානය එක්සත් ජනපද විශේෂ බලකායේ වැටලීමකදී ඔහුගේ පවුලේ සෙසු අය සමඟ සියදිවි නසා ගැනීමෙන් මාස කිහිපයකට පසුවයි.

https://bit.ly/3P48vr7