ඉන්ධන පිරවුම්හලකදී පොලිස් ලොක්කෙක් හයිය පෙන්වයි (වීඩියෝ)

ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක්ට උසස් පොලිස් නිලධාරියෙක් එල්ල කළ බැටන් ප්‍රහාරයක් නිසා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අදාළ පහරදීම සිදුකර තිබුණේ මහරගම පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් බවයි වාර්තාවන්නේ.
මහරගම ලංකා IOC ඉන්ධන පිරවුම්හලේ දී එම සිද්ධිය ඇතිවී තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර එහි දැක්වෙන්නේ ඉන්ධනහලේ ඉන්ධන අවසන්වීමෙන් පසු ටැංකි පෙන්වන ලෙස කළ ඉල්ලීමක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ බවයි.

