රට තුළ නීතිය හා සාමය වහාම ස්ථාපිත කරන්නැයි පොහොට්ටුව රනිල්ගෙන් ඉල්ලයි

රට තුළ නීතිය හා සාමය වහාම ස්ථාපිත කරන්නැයි පොහොට්ටුව රනිල්ගෙන් ඉල්ලයි

වහාම රට තුළ නීතිය සහ සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙසට වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ.

රට හමුවේ පවතින ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වල හැසිරීම් බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු බව පක්ෂයේ අදහස බව එම නිවේදනයේ දැක්වෙනවා.