ඩලස්ගෙන් ට්විටර් සටහනක්

ඩලස්ගෙන් ට්විටර් සටහනක්

සියලුම පක්ෂ නායකයින් ජූලි 09 වනදා ඔවුන් එකඟ වූ පරිදි කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ජුලි 9 වැනිද එකඟ වූ පරිදි වහාම නව ජනපතිවරයෙක් පත්කර අනතුරුව නව අගමැතිවරයෙක්ව එකඟවූ පරිදි පත්කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

එය කල්දැමීම තුළින් දැනට මතුව ඇති තත්ත්වය තවත් ව්‍යාකූල වියහැකි බව ඩලස් අලහප්පෙරුම සදහන් කරයි.

එවිට ශ්‍රී ලංකාව “නීතියක් නැති අරාජික රටක්” වීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකිවනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.