ගෝඨාගේ ඉල්ලා අස්වීම E – Mail මාර්ගයෙන් – ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීම හෙට

ගෝඨාගේ ඉල්ලා අස්වීම E – Mail මාර්ගයෙන් –  ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීම හෙට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑල (E – Mail) මාර්ගයෙන් මෙරටට යොමු කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ විද්‍යුත් තැපෑල (E – Mail) මාර්ගයෙන් එම ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

ඊට අමතරව තවත් විදෙස් මාධ්‍ය කිහිපයක්ම එම පුවත ඒ ආකාරයෙන්ම වාර්තා කර තිබුණා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇතැයි කතානායක කාර්යාලය පවසයි.

ඒ අනුව, මේ වන විට එහි නිවරද්‍යතාව පිළිබඳව නැවත පරීක්ෂා කරමින් සිටින බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම කටයුත්තෙන් පසු සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධ නිල නිවේදනය හෙට (ජූලි 15) දවස තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දුන් බවය.