ජනපති ඉල්ලා අස්වීම දුන් පසු අරගලබිම ජයග්‍රහණය සමරපු හැටි (වීඩියෝ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (14) විද්‍යුත් තැපෑල (E – Mail) මාර්ගයෙන් මෙරටට යොමු කර තිබුණා.
ඒ අනුව ඊයේ (14) රාත්‍රියේ දී තමන් වෙත ලැබුණු ජනපතිගේ අත්සනින් යුත් නිල නිවේදනය මේ වනවිට නීතිමයභාවය පරීක්ෂා කරමින් පවතින බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිවේදනය අද (15) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි කතානායක කාර්යාලය ප්‍රකාශ කළේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමු කළ බව සැලවීමත් සමඟ ගෝල්ෆේස් අරගල භුමියේ සිටි පිරිස් ප්‍රීති ඝෝෂා නගමින් සාමකාමිව එය ඊයේ රාත්‍රියේ සමරනු ලැබුවා.
එම දර්ශන පහතින් නරඹන්න,

