ජනපති තෝරන සටනේ දී පොහොට්ටුවේ සහය රනිල්ට

ජනපති තෝරන සටනේ දී පොහොට්ටුවේ සහය රනිල්ට

ජනාධිපතිවරයා තේරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධූරයට තරඟ කිරීමට තීරණය කළ ද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

දැනට පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මන්ත්‍රීවරයා එහි සඳහන් කර තිබුණේ, ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමද සහය ද අපේක්ෂා කරන බව ය.

COMMENTS