සජිත් ජනපති සටනට

සජිත් ජනපති සටනට

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරඟ කළ යුතු බවට සමගි ජන බලවේගයේ අද පැවති රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එම රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව ප්‍රකාශ කළා.

මේ අතර ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්විමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වුණා.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින් ඇතුළු නියෝජිතයින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා.

ඊයේ දිනයේ පැවති පක්ෂ නායක හමුවේදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වී ඇති අතර ඒ පිළිබඳව නිල වශයෙන් පක්ෂ නායකයින් දැනුවත් කිරිම සඳහා මෙම හමුව සිදුවන බවයි ඊට එක්වු පක්ෂ නායකයින් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මතය එය නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ පක්ෂ අතර හමුවක්ද අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

එසේම, ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ජා කිරිම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයෙදී පැවැත්වුණා.