Breaking News:-නීතිපතිගේ අවසන් තීන්දුව අද – ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද උදෑසන

Breaking News:-නීතිපතිගේ අවසන් තීන්දුව අද – ජනාධිපති  ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද උදෑසන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිවේදනය අද (15) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඊයේ (14) රාත්‍රියේ දී තමන් වෙත ලැබුණු ජනපතිගේ අත්සනින් යුත් නිල නිවේදනය මේ වනවිට නීතිමයභාවය පරීක්ෂා කරමින් පවතින බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මේ වනවිට නීතිපති සංජය රාජරත්නම් විසින් එම ලිපියේ නිත්‍යානුකූලභාවය විමර්ශනය කරන බවත්, එහි අවසන් තීන්දුව අද පෙරවරුවේ කතානායක වෙත ලැබීමට නියමිත බවත් වාර්තා වනවා.

කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම අද පෙරවරුවේ දී නව ජනාධිපතිවරයා ලෙස මේ වනවිට ජනපති ධුරයේ වැඩබලන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමට නියමිත බවට ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයා මෙරටින් පිටව ගියේ පසුගිය ජුලි මස 12 වැනිදිනයි. ඒ මාලදිවයින බලායි.