ගෝඨාභය ධූරයෙන් ඉල්ලා අස් වූ බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ගෝඨාභය ධූරයෙන් ඉල්ලා අස් වූ බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

ඒ අනුව, එළඹෙන 19 වන දින පෙරවරු 10.00ට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීමට නියමිත බව මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

පසුව ජූලි 20 වන දින 1981 අංක 02 දරන ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ විට ව්‍යවස්ථානුකූලව ක්‍රියා කරන ක්‍රියාපටිපාටියට අනුව නව ජනාධිපතිවරයෙකුගේ අනුප්‍රාප්තිය ඉදිරි දෙවසර සඳහා හිමිවනු ඇත.

නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා තරග වැදීමට මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.