රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත බලය පවරයි

රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත බලය පවරයි

විරෝධතාකරුවන් අතට ගිනිඅවි පත්වීම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනිඅවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වුණා.

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට අවශ්‍ය බලතල ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගැනීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළා.

එමෙන්ම පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්‍රීවරුන්ට නිදහසේ රැස්වීමට තිබෙන අයිතිය රැකීමටත් ඕනෑම පියවරක් ගැනීමට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින් මන්ත්‍රීවරයකු හෝ හැසිරෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමට ද මෙහිදී තීරණය වූ බවයි වාර්තාවන්නේ.

මේ අතර පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඉකුත් 13 වෙනිදා රාත්‍රී නොසන්සුන්තාවයක් ඇති කරන ලද්දේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් බව ද, කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇති අතර එම සිද්ධියේදී හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි දෙක සෙවීම සඳහා සුදුසු ඕනෑම පියවරක් ගැනීමට ආරක්ෂක අංශයට බලය පැවරීමට ද මෙහිදී තීරණය තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරයකු හෝ ඊට බාධා කරන්නේ නම් ඔහුට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇති අතර, ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබුණා.