අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද (ජූලි 17) රාත්‍රි 10.00 සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 450කි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.
ඔටෝ ඩීසල් මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 440කි.
සුපිරි ඩීසල් ලීරයක මිල ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 510කි.


