අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද (ජූලි 17) රාත්‍රි 10.00 සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 450කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.

ඔටෝ ඩීසල් මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 440කි.

සුපිරි ඩීසල් ලීරයක මිල ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 510කි.