භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටෙයි

උතුරු ග්‍රීසියේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
මෙම යානය උතුරු ග්‍රීසියේ කවාලා නගරය ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බවයි බී.බී.සී. මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේ.
කඩා වැටුණු යානය ගිනිගෙන දැවී යන ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍යවල සංසරණය වනවා.
යුක්රේනයට අයත් ගුවන් යානා සමාගමක් විසින් Antonov-12 නමැති මෙම යානය මෙහෙයවනු ලබනවා.
මෙම ගුවන් යානය තුළ කී දෙනෙක් සිටියා ද, දිවි ගලවා ගත් හෝ මරණයට පත් වූ ගණන කෙසේ දැයි තවමත් අනාවරණය වී නොමැති බවයි එරට බලධාරින් පැවසුවේ.
ඊයේ (16) සර්බියාවේ සිට ජෝර්දානය දක්වා මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පියාසර කරමින් සිට තිබෙනවා.
කෙසේවෙතත් ග්‍රීසියේ ERT රාජ්‍යය විකාශය විසින් වාර්තා කරනු ලැබුවේ මෙම ගුවන් යානයේ ටොන් 12කට ආසන්න භාණ්ඩ ප්‍රවාහනයක් තිබූ බවත් එබැවින් මෙම අනතුර දරුණු වී ඇති බවයි.
ගුවන් නියමුවා විසින් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ආසන්නයේ ම ඇති ගුවන් ධාවන පථයට ගොඩබෑමට අවසරය ඉල්ලා ඇති නමුත්, ඔහුට ඒ සඳහා ළඟාවීමට හැකියාවක් ලැබී නැහැ.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ යානයේ පුද්ගලයන් අට දෙනෙකු සිට ඇති බවයි.
ග්‍රීසියේ විශේෂ ආපදා ප්‍රතිචාර අංශය ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

